ගල්ගමුව – කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.
පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවයන වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන්කළ කාන්තාවන් දෙදෙනෙකු, දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී දරුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවෙකි.
ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස ගමන්කළ කාන්තාවන් දෙදෙනා, දැරියන් දෙදෙනා සහ කුඩා දරුවෙකු ගල්ගමුව හා අනුරාධපුර රෝහල්වල ප්‍රතිකාර ලබයි.