රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.

පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙනඑන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 12.30ට පැවැත් වේ.

එමෙන්ම අද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට නියමිතය.

මේ අතර පසුගියදා මුදල් කමිටුවට කැඳවනු ලැබූ ගල්අඟුරු ටෙන්ඩරය පි‍ළිබඳ විගණකාධිපතිගේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සීමා සහිත ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ නියෝජිතයින් හෙට (09) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මුදල් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම සිදුනොකරන බවට එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර කෝප් කමිටුව රැස්වූ පළමු දිනයේ ගල්අඟුරු ටෙන්ඩරය පි‍ළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බවට තීන්දුවක් ගත් බව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.