ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය පොලීසිය පැවසුවේ වටරැක විජිත හිමියන් සිදු කළ පැමිණිල්ලක් මත සභාපතිවරයාව අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 27 වනදා ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර මෙම පහරදීම සිදු වූ බවට පැමිණිලිකාර හිමියන් පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් මහියංගනය ප්‍රාදේශීය සභා සභාපති කේ.පී ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.