බස් – යතුරුපැදි අනතුරෙන් බස් රථය පෙරළෙයි

සුඛෝපභෝගී බස් රථයක් සහ කාන්තාවක් පදවාගෙන ගිය යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ එම අනතුරෙන් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42ක ගෝනපොල කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

අනතුරත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් තිබේ.

අනතුර සිදුවෙන අවස්ථාවේ බස් රථයේ මගීන් සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැත.

Leave a Reply

Your email address will not be published.