ඉදිරි පැය 24 කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.

කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය ඉදිරි පැය24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවය.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. 

උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී.

නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු  පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.