ගෝඨාභය ගෙන් ප්‍රකාශයක් ගන්නැයි පොලීසියට නියෝගයක්

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් කොටුව පොලීසිය වෙත අදාළ නියෝගය ලබාදුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිදුකළ ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි නිවසේ නොමැති බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඔහු සිටින නිවසට ගොස් අදාළ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.