පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙක් ට හදිසියේ ස්ථාන මාරුවීම්

හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග මහතා ස්ථානමාරු කරයවා තිබේ.

සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය.

මීට අමතරව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.අයි.බී විජේරත්න මහතා ද ස්ථාන මාරුකර ඇත.

ඔහු බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිට මහනුවර කොට්ඨාසය වෙත ස්ථානමාරු කර ඇති බව පොලීසිය පැවසුවේය.

සමාජ  මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආන්දෝලනාත්මක හඬ පටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.