ඉල් මහා විරු සැමරුමේ දී අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්

රජය ප්‍රජාතන්ත්‍ර විරෝධීව මර්දනයට සූදානම් වුවහොත් එය පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නා බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

33 වන ඉල් මහා විරු සැමරුමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර කුමාර දිසානායක මහතා,

“එදා අපේ විරුවෝ තීරණය කළේ කුමක්ද ? 5/6ක බලයක් තිබුණු, විධායක බලය තිබුණු  JR ජයවර්ධනලාගේ මර්දනයට එරෙහිව සටන් කළා. ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පිළිවෙතකට අනුගමනය කරනවානම් එය පරාජයට පත් කරන්න කටයුතු කරන්නේ අන් කවුරුත් නෙමෙයි. ඒ  ජනතා විමුක්ති පෙරමුණ බව මතක තබා ගන්න. සතුරා විශාල ලෙස කලබල වෙලා තියෙන්නේ. මීට අවුරුදු 3, 4කට කලින් රාජපක්ෂගේ ගෝලයෙක් ශේයා කරපු පෝස්ට් එක දැන් සජිත්ගේ ගෝලයෙක්  ශේයා කරනවා.  රාජපක්ෂ කඳවුර ගහපු අවලාද චුට්ටක් වෙනස් කරමින්.

Leave a Reply

Your email address will not be published.