සංශෝධිත නව ඉස්ලාම් ධර්මය පෙළපොත් පාසල්වලට

2022 වර්ෂයේ පාසල්වලට බෙදා තිබූ 6-11 ශ්‍රේණිවලට අදාළ ඉස්ලාම් ධර්මය පෙළපොත් නැවත ගෙන්වා අවශ්‍ය සංශෝධන සිදු කර බෙදාහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී  තිබූ පසුබිමක තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ බාරගත් පසු ඉස්ලාම් ධර්මය ඇතුළු සර්ව ආගමික විද්වත් කමිටුවක මැදිහත්වීම මත ඉතා ම සුළු සංශෝධන සහිතව එම පිටු කිහිපය නැවත සකසා මුද්‍රණය කර, සංශෝධිත නව ඉස්ලාම් ධර්මය පෙළපොත් යළි බෙදාහැරීමට කටයුතු සම්පාදනය කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

වර්ගවාදී භේදයකින් තොර ව මෙරට සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමට ක්‍රියා කරමින් එම පෙළපොත් බෙදා හැරීම කඩිනමින් ආරම්භ කර තිබිය දී, අන්තවාදී අදහස් සහිත ව පෙළපොත් බෙදාහැරීමට තමන් ක්‍රියා කළේ යැයි ඇතැම් වෙබ් අඩවිවල අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම තවදුරටත් සිදු වුවහොත් ඒ පිළිබඳ ඉදිරියේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.