පොඩි ලැසීගෙන් බිරියට සහ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලැසීගේ විවාහක බිරිය විසින් තමාටත් සිය පවුලේ සාමාජිකයන්ටත් පොඩි ලැසීගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බව සඳහන් කරමින් පොලිස් මූලස්ථානයට පසුගියදා (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ ලැසීගෙන් තමා වෙන් වීමට තීරණය කර ඇති බැවින් සිය දරුවාද රැගෙන විදෙස්ගත වීමට සූදානම් වන බවය.

ඇය පවසන්නේ සිය දරුවාව රැගෙන ගියහොත් මුළු පවුලම මරා දමන බවට ලැසී විසින් ගණේමුල්ලේ සංජීව මඟින් තමාට මරණීය තර්ජනයක් එල්ල කළ බවය. දුරකතන ඇමතුමක් ගෙන තමාට එම තර්ජනය කළේ සංජීවගේ ගෝලයෙක් වන කලන නමැත්තා බවද ඇය පවසා ඇත. කලන නමැත්තා සිටින්නේ ඩුබායිවලය. ඇය විදෙස්ගත වීමට සූදානමින් සිටින්නේද ඩුබායි බලාය.

පොඩි ලැසීට මේ වන විට ඇප ලැබී ඇති අතර, ඔහු ඇප කොන්දේසි සපුරා නැති බැවින් තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව පොලිස් තොරතුරු සඳහන් කෙළේය.

Leave a Reply

Your email address will not be published.