ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්වන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම්කර ඇත.

එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග පැවැත්වෙනු ඇති.
 

Leave a Reply

Your email address will not be published.