ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වෙනස්වෙයි

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බව සඳහන් ය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (21) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published.