ආර්ජන්ටිනාවට අමිහිරි පරාජයක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් සෞදි අරාබිය සහ ආර්ජන්ටිනාව අතර අද පැවැත්විණි.

එහිදී ගෝල 1ට 2ක් ලෙස තියුණු ජයක් ලබාගැනීමට සෞදි අරාබි කණ්ඩායම සමත්විය.

තරගයේ 10 වන මිනිත්තුවේදී ලියොනාල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට ප්‍රථම ගෝලය ලබාගත්තේය.

තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වුවද එම ගෝල සියල්ල ඕෆ් සයිඩ් වීම හේතුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායමේ උත්සාය අපතේ ගියේය.

ප්‍රථම අර්ධය අවසානයේ ආර්ජන්ටිනා කණ්ඩායම පෙරමුණේ පසුවිය.

කෙසේ වෙතත් තරගයේ 48 වන මිනිත්තුවේදී නැවතත් තරගය උණුසුම් කරමින් සෞදි අරාබිය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Saleh Alshehri සමත්විය.

අනතුරුව ක්‍රියාත්මක වූ Salem Aldawsari තරගයේ 53 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගයේ වාසිය සෞදි අරාබි කණ්ඩායමට හිමිවිය.

Leave a Reply

Your email address will not be published.