ලොවක් හැඬ වූ ඉන්දුනීසියාවේ ඛේදවාචකය

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව ඇති බව වාර්තා වේ.

එම හේතුවෙන් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කොට සිදුව තිබුණි.

කිලෝ මීටර් 75ක් පමණ දුරකින් පිහිටි ජකර්තා අගනුවරටත් එය බලපෑම එල්ල කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.