තවත් අරගලයකට ඉඩක් නැහැ – ජනපති

තවත් අරගලයකට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ යළිත් අරගලයක් ආරම්භ වුවහොත් හමුදාව යොදවා හදිසි නීතිය පනවා එය නතර කරන බවය.

“කවුද මේක පිටිපස්සේ හිටියේ. කුමාර් ගුණරත්නමුයි පෙරටුගාමී සංවිධානයයි.”

“අපි 21 සම්මත කරගත්තා. ඒකෙදි බොහෝදෙනෙක් කිව්වා.. දැන් එහෙනම් බැසිල් රාජපක්ෂ මහතා පිටවෙලා යන්න ඕනේ කියලා. මොකද එයාගේ ද්විත්ව පුරවැසිභාවය නිසා. හරි ඒක අපි පිළිගමුකෝ.” 

“එහෙනම් කොහොමද පෙරටුගාමියෙක් කියන්නේ. ඒ කෙනාත් ද්විත්ව පුරවැසියෙක් නේ. ඔස්ට්‍රේලියාවෙයි මෙහෙයි දෙකේම. මෙයා නරක වෙලා එයා හොඳ වෙන්න බැහැ.” 

“එහෙනම් අපි බලය දෙන්න ඉන්නේ.. ද්විත්ව පුරවැසිකම තියෙන කෙනෙක් ට. බැසිල් රාජපක්ෂට විරුද්ධව චෝදනා තියෙනවා කිව්වා. මම අගමැති ධුරයේ ඉන්නකොට රිමන්ඩ් එකෙත් හිටියා.”

“අපේ ජනතා විමුක්ති පෙරහුණේ මන්ත්‍රීවරු නැහැ.. මොකක්ද මෙයාට විරුද්ධව තියෙන්නේ. උතුරේ යුද්ධය කාලයේ ඉන්දියන් සාම හමුදාවේ මිනිස්සු මැරුවා කියලා. මේකයි අපේ විමුක්තිය.”

“මෙයා ඇවිත් කොහොමද ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ. තරුණ භික්ෂූන් වහන්සේලා ලව්වා පන්සල්වලට තර්ජනය කළා. සමහර තැන්වල ඔබ වහන්සේ අයින්වෙලා අපිට නායකකම දෙන්න කියලා.” 

“කතෝලික රදගුරු සභාවත් කිව්වා අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා.” 

“ඒත් හිතනවා නම් තව අරගලයක් කරන්න පුළුවන් කියලා.. පාරේ යනවා කියලා පර්මිට් නැතුව.. ඒක නවත්වන්න ඕනේ. ඒක පොලීසියට කියලා තියෙනවා.” 

“තව අරගලයක් ඇති කරනවා ලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. කරන්න දෙන්නේ නැහැ. ඩීන්ඩියම්ලට තැනක් නැහැ මේ රටේ.”

“ඉතින් කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ දැන්. රටේ මිනිස්සු දැන් ඒගොල්ලෝ එක්ක නැහැනේ. මාධ්‍යයෙන් හැදුවට.. දැන් හැදුව මාධ්‍යයත් කවුද කියලා බලමුකෝ. ගිනි තියන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමුකෝ. ඒකට මම කොමිෂන් සභාවක් පත්කරන්න ඉන්නේ.” 

Leave a Reply

Your email address will not be published.