IMF – ශ්‍රී ලංකා එකඟතා පමා වෙයිද ? – මහ බැංකු අධිපති පැහැදිලි කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකඟතාවය ලබන වසරේ මාර්තු දක්වා පමා වෙතැයි ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ පදනම් විරහිත බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ යෝජනාව ලබන මස වනවිට ඉදිරිපත් කිරීම මහ බැංකුවේ ඉලක්කය බවය.

නමුත් එම ඉලක්කය ගිලිහී ගියහොත් එය 2023 ජනවාරි මස සිදුකර ගැනීමට ද බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙනයන බවය.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඉන්දියාව, චීනය, ජපානය එක්ක සාකච්ඡා කරලා යම්කිසි ආකාරයකින් මූල්‍ය සහතිකය ලබාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු මත තමයි අපි හිතුවේ දෙසැම්බර්වල IMF  එකට යන්න පුළුවන් වෙයි කියලා.”

“අපි මේක පළවෙන් වරට කරන නිසා යම් දැනුමක් ගන්න අතරේ තමයි සිදුවෙන්නේ.”

“සියලුම දේ රඳා පවතින්නේ අපි සහ අපිත් සමග සාකච්ඡා කරන ද්විපාරශ්වික කණ්ඩායම්වල එකඟතාවය මත. ඒ නිසා තමයි යම්කිසි ආකාරයක ප්‍රමාදයක් වෙලා තියෙන්නේ.” 
 

Leave a Reply

Your email address will not be published.