පාපන්දු පිටිය උඩුයටිකුරු කළ සුපිරි ප්‍රහාරය

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පැවැත්විණි.

එම තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරයි.

එහිදී 2ට 0ක් ලෙස තරගය ජයගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ දෙපිළටම කිසිදු ගෝලයක් හිමිකර නොදෙමිනි.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ බ්‍රසීල ක්‍රීඩක Richarlison පළමු ගෝලය සිය කණ්ඩායමට හිමිකරදීමට සමත්විය.

ඒ තරගයේ 62 වන මිනිත්තුවේදීය.

අනතුරුව තරගයේ 73 වන මිනිත්තුවේදී යළි ක්‍රියාත්මක වූ Richarlison නැවතත් සුපිරි ප්‍රහාරයක් එල්ලකරමින් සිය කණ්ඩායමට දෙවන ගෝලය හිමිකරදීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published.