දරුවා ඉදිරියේම මවට අත්වූ අවාසනාවන්ත ඉරණම

සිය දරුවා රැගෙන පාසලට ගොස් නැවත නිවසට යමින් සිටි මවක් අමානුෂික ලෙස ගෙළ කපා ඝාතනය කර තිබේ.

මෙම සිදුවීම පොල්පිතිගම ප්‍රදේශයේ දී සිදුවී ඇත.

පොලීසිය පවසන්නේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

සිය දරුවා සමඟ බිරිඳ එන මග හරස්කර ඇති සැකකරු එහිදී මෙම අමානුෂික ප්‍රහාරය එල්ළකර තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොල්පිතිගම පොලීසිය සැක පළකරයි.

Leave a Reply

Your email address will not be published.