ඩීසල් රැගත් චීන නෞකාව කොළඹට

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් “Super Eastern” නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ තිබේ.

මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි සාම්පල පරීක්ෂාවෙන් පසු ගොඩබෑම් ආරම්භ කිරීමට නියමිත බවය.

එම නෞකාවේ ඇතුළත් ඩීසල් තොගය මෙරට පීඩාවට පත් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබාදීමට නියමිතය. 

Leave a Reply

Your email address will not be published.