ලොකුළූණු මිලට ලැබුණ අලුත්ම සහනය

ලොකුළුණු මිලට සහනයක් ලබාදීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය දා රැස්වු ආහාර ප්‍රතිපත්ති කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට රජය විසින් ආනයනික ලොකුළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 සිට 50 දක්වා වැඩිකිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ලොකුළූණු ආනයනය විශාල ලෙස පහත වැටුණු අතර අගොස්තු මාසය තුළ මෙට්‍රික් ටොන් 27,889ක් වු ආනයනික ලොකුළූණු ප්‍රමාණය නොවැම්බර් මාසයේ තෙවන සතිය වන විට මෙට්‍රික් ටොන් 13,496 දක්වා පහත වැටී තිබේ.

මේ හේතුවෙන් අගොස්තු මාසයේ රුපියල් 175ක්ව පැවැති ආනයනික ලොකුළූණු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 328 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම හදිසි මිල ඉහළ යාමට හේතුව සැප්තැම්බර් මාසයේ සිදුවු විශේෂ වෙළෙඳ භාණ්ඩ අනුපාතයේ වැඩි වීම බැවින් එය අඩු කිරීමට තීරණය කර ඇති අතර එමඟින් ලොකුළූණු මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.