බදුල්ලෙන් වාර්තා වූ පිතෘ ඝාතනය

බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුතෙකු සිය පියා ඝාතනය කර තිබේ.

සැකකරු මුගුරක් රැගෙන සිය පියාට පහරදීමට පසුපස හඹාගොස් ඇති අතර ඉන් බේරීම සඳහා පියා නිවස තුළට ඇතුළු වී දොර වසාගෙන සිටියදී දොර කඩා ඇතුළු වී සිය පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
 
ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු මානසික ආබාධයකින් පෙළෙන ගොළු පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (27) සිදුකිරීමට නියමිතය.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.