සුදු මැස්සා මර්දනයට නව ක්‍රමවේදයක්

පොල් වගාවට හානි කරන “සුදු මැස්සා“ මර්දනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුනාගෙන ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි සභාපති මල්රාජ් පීරිස් මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය හරහා සුදු මැස්සා පමණක් මර්දනය වන අතර මාස 02ක් වැනි කෙටි කලයක් ඇතුළත මෙය මර්දනය කිරීම සඳහා මේවන විට වැඩපිළිවලක් සකස් කර ඇති බවයෙ.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ  උපදෙස් පරිදි පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගාකිරීමේ මණ්ඩලය ඒකාබද්දව මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත වූ  සුදු මැස්සා කොළඔ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, මහනුවර සහ රත්තපුර යන දිස්ත්‍රික්ක වල සීග්‍රයෙන් පැතිර ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි වී ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පිරීස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.