අධිබලැති විදුලි රැහැන් මතට ගුවන් යානයක් කඩා වැටෙයි

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබේ.

අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවු වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් විදුලි රැහැන් සහිත කණු මතට ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් ප්‍රාන්තය පුරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවු බලපෑම මත සැහැල්ලු ගුවන් යානය මෙලෙස කඩාවැටී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.