ඉතාලියේ නායයෑමකින් ජීවිත රැසක් අහිමිවෙයි

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේනමුත් සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නොමැත.

ඉතාලියේ ඉස්කියා දූපතට බලපෑ ප්‍රබල නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර මෝටර් රථ රැසක්ද විනාශ වී ඇති බව වාර්තා වෙයි.

ස්වභාවික විපතින් මියගිය පිරිසකගේ සිරුරු මේ වනවිට හමුව තිබේ.

එමෙන්ම අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මකය.

කෙසේවෙතත් කලාපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස රැසක විදුලිය බිඳවැටී ඇති අතර සෙවීමේ මෙහෙයුම්වලටත් බාධා එල්ලවී තිබුණි.

නායයාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ඉතාලි රජයේ අමාත්‍යවරුන් පරස්පර මත ප්‍රකාශ කර තිබේ.

ඉතාලි අභ්‍යන්තර කටයුතු ඇමති පවසා ඇත්තේ අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවය.

කෙසේනමුත් අනතුරින් පුද්ගලයින් 8ක් මියගොස් ඇතැයි යටිතළ පහසුකම් ඇමති මැට්ටියෝ සැල්විනී පවසා තිබුණි.

එමෙන්ම ඇතැම් වාර්තාවන්හි දැක්වුණේ අනතුරින් 20කට ආසන්න පිරිසක් අතුරුදන් ව ඇති බවය. 

Leave a Reply

Your email address will not be published.