නිරුවත් පිරිමි මළ සිරුරක්

ඊයේ (04) උදෑසන කාලයේ දී වීරවිල – වැල්ලවාය මාර්ගයේ වීරවිල වැවේ පළමුවන පාලම අසල තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව තිබේ.

වීරවිල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

මරණකරු වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි අයෙක් බව පොලීසිය පවසයි.

කොණ්ඩය තැනින් තැන සුදු පැහැ වී ඇති අතර මුහුණේ තැනින් තැන රැවුල වැවී ඇත.

භාහිර තුවාල කිසිවක් නොමැති අතර මියගිය පුද්ගලයාගේ බවට සැක කරනු ලබන කොට කලිසමක් හා යතුරු කැරැල්ලක් එම ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

මෘත ශරීරය හම්බන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර, වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.