විදුලි බිල වැඩි නොකළ හොත් රටම අඳුරේ

විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සංශෝධනය කළ යුතු බවද සඳහන් කළේය.

විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

විදුලිය ගාස්තු සංශෝධනය කරන්නේ පසුගිය පාඩු පියවන්න නොවෙයි. රුපියල් කෝටි 42,300ක් විදුලිබල මණ්ඩලයට ලැබෙන්න ඕන. ඉන්ධන ටික ගන්න දැවි තෙල් ටික ගන්න ඒ මුදල ලැබෙන්නේ නැත්තම් මණ්ඩලය පවත්වාගෙන යන්න බැහැ. ඒකයි විදුලිය ගාස්තු සංශෝධනය කරන්නෙ. අද කාටත් අමාරු බව පිළිගන්නවා.

පෞද්ගලික බලාගාර වලට රුපියල් කෝටි හත්දහසක් ගෙවන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික සැපයුම්කරුවන්ට කෝටි හාරදහසක් ගෙවන්න තියෙනවා.

Leave a Reply

Your email address will not be published.