රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (දෙසැ. 6) යළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ජූනි මස 10 වන දා බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පොදු දේපොළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීමෙන් පසුව වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.