අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අද (07) අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්වී වැටලීම සිදුකර තිබුණි.

ඒ, පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදීය.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.