බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එහි නායකයා ලෙස යළි ඒකමතිකව තේරී පත්ව තිබේ.
මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කර ඇත.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්ව තිබේ.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතා පත්ව ඇත.