රට ගොඩ ගන්න තාරුණයේ සහභාගීත්වය ඉතා වැදගත් -ජනපති

වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත්  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමිනි.

දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනපති,

“ඔබේ ප්‍රදර්ශනයේ සියලුම අංගයන් මා නැරඹුවා. ඒ අතුරින් ඉතා සිත්ගන්නා දෙයක් මට හමුවුණා. මෙය ආනන්ද විද්‍යාලයේ කුටියෙන් මට හමුවුණේ. ඔවුන් මට පැවසුවේ මෙය ලිවීමට මෙන්ම වගා කිරීම සඳහාත් යොදාගත හැකි බවයි. මම පළමුව සිතා බැලුවා මෙය ලිවීමට හැකියාවක් පවතීද යන්න සොයා බලන්න. ඔව් ඉන් ලියන්න පුළුවන්. එය වැඩකරනවා. මම පළමුව සුබ පැතිය යුතුයි ඔබගේ නිර්මාණය සඳහා. දෙවනුව අප පරිසර හිතකාමී දේවල් ප්‍රචලිත කරන නිසා මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට පැවසුවා ජනාධිපති කාර්යාලය සඳහා මෙම නිෂ්පාදනයෙන් තොගයක් මිලදී ගන්නා ලෙසට. අපි මේ රටේ තාරුණ්‍යයට අනාගතයක් සලසාදිය යුතුයි. ඒ වගේම අප නිදහස ලබාදිය යුතුයි ඉදිරියට ගොස් අපි සිදුකළ යුත්තේ කුමක්ද කියා පවසන්න. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජපානය ළඟට දෙවැනියට සාර්ථක රටක් ලෙස ගමන් ආරම්භ කළ අපේ රට දැන් ඉන්නේ ඇෆ්ගනිස්තානයට උඩින්. බොහෝමයක් තරුණයින් ඡන්දය ලබාදී රටින් පිටව යනවා. නමුත් මම සිතනවා මගේ දැක්ම අනුව මේ රට නැවත හැරවිය හැකි බව. දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා වැඩපිළිවෙළක් අප ලබන වසරේ දියත් කරනවා. මම ඒ සඳහා වන කාර්යාලයක් දැනටමත් පිහිටුවා අවසන්. අප තීරණය කර තිබෙනවා විවෘතව අදහස් පළකිරීමට වගේම අර්ථාන්විත ක්‍රියාවන් දියත් කිරීමට.”

Leave a Reply

Your email address will not be published.