උමා ඔය ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120ක්

උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ එළඹෙන ජූනි මාසය වනවිට මෙගාවොට් 120ක් ජාතික විදුලි පද්ධතියට එක කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ බව හෙළිවූයේ එම නව ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව, එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගමේ නියෝජිතයන් සමග අද (13) උදෑසන විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සිදුකළ සාකච්ඡාවකදීය. 

ඉරාන රජයේ, ෆරාබ් ඉදිකිරීම් සහ ඉංජිනේරු ආයතනය මගින් මෙම සංවර්ධන කටයුතු සිදුකරන අතර, එළඹෙන අප්‍රේල් මස අවසන් වන විට එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමටත් නියමිතය.

ඒ අනුව එළඹෙන ජූනි මස සිට සම්පුර්ණ ධාරිතාවයෙන් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන බව එහිදී සඳහන් විය.

Leave a Reply

Your email address will not be published.