වසන්ත මුදලිගේ අදත් අධිකරණයට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යළි රැගෙනවිත් තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

වසන්ත මුදලිගේට  එරෙහි නඩුවක් අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඊට ඉදිරිපත් කිරීම සඳහා ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින්  අධිකරණයට රැගෙනවිත් ඇති බව සඳහන් ය.

වසන්ත මුදලිගේ ඊයේ දිනයේද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.