අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් දකුණු මුහුදේදී ඊයේ (14) නාවික හමුදා භාරයට ගැනුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව එම වැටලීම සිදුකර තිබුණි.
ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට පත්විය.
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ දින ගණනාවක් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මේ පිළිබඳව තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව, දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර තිබේ.
පසුව එම යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
තවද, සමුදුර නෞකාව මගින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06ක් ද නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.