මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබේ.
රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූ 50 හැවිරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.