ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී.

ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය.

එම විදුලි ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලි පද්ධතියට මෙතෙක් ලැබුණු මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණය කෙරවලපිටිය ඩීසල් බලාගාරයන් ලබාගැනීමට දිනකට රුපියල් මිලියන 228 ක් වැයවන බවත් එය විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් බවත් විදුලිබල මන්ඩලයේ නිලධාරියෙක් කීය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කළ විදුලි ජනන යන්ත්‍රයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47ක් පමණක් වැය වුවද කෙරවලපිටිය ඩීසල් බලාගාරයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 82 ක් වැය වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ ගල්අඟුරු හිඟය පිළිබඳ අවධානය යොමුකර නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රීය කිරීමට අනුමැතිය ලබාදුන් බවයි.

Leave a Reply

Your email address will not be published.