අමෙරිකාවට හිම කුණාටුවක්

අමෙරිකාවේ ප්‍රදේශ රැසක දැඩි හිම කුණාටු තත්වයක් ඇතිවන බවට අමෙරිකානු ජාතික කාලගුණ සේවාව අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.

එහිදී දැඩි හිමපතන තත්වයන් පිළිබඳව මිලියන 100ක පමණ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියක් අංශක සෘණ 55ක් දක්වා පහත වැටී තිබේ. 

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට වසර 40කට පමණ පසු වාර්තාවන අවම උෂ්ණත්වය මෙය බවය.

හිම කුණාටු තත්ත්වය හේතුවෙන් දහස් ගණන් ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර නගර කිහිපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මධ්‍යම රජයෙන් අවශ්‍ය සහාය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රාන්ත 26ක ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.