රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් ගෙවීම අර්බුදයක

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති පිළිබඳව අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය. 

“මාසිකව රු.බිලියන 145ක ආදායමක් ලැබෙනවා. වැටුප් ගෙවන්න රු. බිලියන 93ක්. විශ්‍රාම වැටුප් ගෙවන්න රු. බිලියන 27ක්. සමෘද්ධියට රු. බිලියන 6ක් යනවා. සමාජ සුබසාධනයට විශාල වියදමක් දරනවා. මේ සියල්ල කරන්න ආසන්නව රු. බි. 154ක්. අපිට දළ වශයෙන් ලැබෙන ආදායම රු. බිලියන 145ක් ලැබෙන්නේ. පොලිය, ණය ගෙවීම් සහ අනෙකුත් වියදම් ඊට ඇතුළත් නැහැ. දරුණු මට්ටමක රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතිනවා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. ආදායම එකවර වැඩිකරගත්තා වගේ වියදම අඩුකරන්න බැහැ. අපිට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න තියෙනවා. මේ අර්බුද අවස්ථාවේ දිළිඳු අය ඇතුළු තවත් පිරිස් රැකබලාගැනීමට රජයට මුදල් වියදම් කරන්න වුණා.”

Leave a Reply

Your email address will not be published.