මාලදිවයින් හිටපු ජනපති වසර 11ක් හිරේට

දුෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වරදකරු කරමින් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය.

අබ්දුල්ලා යමීන් හට 2019 වසරේද ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වසර 5 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය.

දඬුවම නියම වීමෙන් පසු 2020 වසරේ ඔහු නිවාස අඩස්සියට පත් කෙරුණු අතර මාස කිහිපයකට පසු නිදහස් කෙරිණ.

2018 වසරේදී අබ්දුල්ලා යමීන් හට බලය අහිමි වූ අතර ඔහු 2023 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published.