රුසියාවෙන් තර්ජන

රුසියානු තෙල් බැරලයක මිල සීමාකිරිම පිළිබඳව G7 නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟවූ රටවල් සඳහා තෙල් සැපයීම නැවැත්වීමට රුසියාව තීරණය කර තිබේ.

G7 නියෝජිතයන්, ඔස්ට්‍රේලියාව සහ යුරෝපානු සංගමයේ එකඟත්වයෙන් රුසියානු තෙල් බැරලයක මිල ඩොලර් 60 කට සීමාකිරීමට ගත් තීරණය දෙසැම්බර් 5 වනදා සිට බලාත්මක විය.

ඒ අනුව එම තීරණයට එකඟ වූ රටවල්වලට තෙල් සැපයීම නවතා දැමීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published.