ආණ්ඩුකාර කාර්යායේ බිල් පළාත් සභාවෙන් ගෙවලා

ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පාවිච්චි කළ නිවසේ පවත්වාගෙන යන ආණ්ඩුකාර කාර්යමණ්ඩලයේ කාර්යාලයේ මාසික විදුලි හා ජල බිල්පත් වල වටිනාකම රුපියල් 314 761කි.

මෙම මුදල් ආණ්ඩුකාරවරයා විසින් ගෙවිය යුතු වුවත් එය ගෙවා ඇත්තේ පළාත් සභා අරමුදලින් බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ප්‍රධානම අමාත්‍යවරයාට වෙන්කර ඇති නිවස ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලය වෙත භාර දීමේ දී අවම වශයෙන් විධිමත් පරිදි ලිඛිත පැවරීමක් සිදු කර නොතිබුණු අතර අදාළ නිවසෙහි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ ලැයිස්තු ගත කර ඒවා විධිමත් පරිදි භාරදීමක් සිදුකර නොතිබුන බවද මෙම විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම නිල නිවසෙහි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ නැතිවීම හෝ අලාභ හානි වීම සම්බන්ධයෙන් පළාත් සභාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී ඇතැයි ද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම නිවසේ විදුලි බිල්පත් වශයෙන් 2021 සිට 2022 ඔක්තෝබර් දක්වා රුපියල් 1 875 000ක් ද මේ කාලයේ ජල බිල්පත් වෙනුවෙන් රුපියල් 127 258ක් ද ගෙවා ඇත.

පළාත් සභා අරමුදලින් මෙම බිල්පත් ගෙවීම නීත්‍යානුකූල නොවන නිසා අදාළ කාර්ය මණ්ඩලයෙන් නිලධාරීන්ගේ මාසික වැටුපෙන් එම මුදල් කඩිනමින් අයකරගත යුතු බවද විගණන වාර්තාව නිර්දේශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.