බැලැස්ටික් මිසයිල වලින් නව අවුරුදු සැමරූ රොකට් මෑන්

උතුරු කොරියාව නව වසර ආරම්භයත් සමග තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් අද (01) අලුයම 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවය.

උතුරු කොරියාව පැය 24ක් ඇතුළත අත්හදා බැලූ සිව්වන බැලැස්ටික් මිසයිලය මෙය බව වාර්තා වේ.

කෙටිදුර මිසයිලයක් වන එම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.