චීනයේ ඖෂධ වල හිඟයක්

චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් පරික්ෂණ අනිවාර්ය කළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද ඇතුළත් ව තිබේ.

ඒ අනුව, ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනයේ සිට පැමිණෙන ගුවන් මඟින් කොව්ඩ් ආසාදිත නොවන බවට වන සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත.

චීනයේ කොව්ඩ් අවදානම සැළකිල්ලට ගනිමින් රටවල් රැසක් මේ වන විට එරට සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් පරික්ෂණ අනිවාර්ය කර තිබේ.

චීනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එරට රෝහල් පද්ධතියට ද දැඩි බලපෑමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම එරට බොහෝ ඖෂධහල්වල උණ සඳහා භාවිත කරන ඖෂධ වල හිඟයක් ද මතුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

Leave a Reply

Your email address will not be published.