මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ සිව්දෙනෙකු දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.
උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා ඔවුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ළමුන් පිරිස අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පවසයි.
මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.