දුම්රිය ගමන්වාර ගැන විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක විශ්‍රාම ගැන්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් අද (02) උදෑසන නියමිත දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ අදාළ ගැටලුව අද දිනයේ විසඳීමට කටයුතු කරන බවය.

සේවක හිඟය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට මීට පෙර තොරතුරු වාර්තා වුණි.

මේ අතර අද දිනයේ දුම්රිය සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු විය හැකි බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේය.

කෙසේවෙතත් මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම අවශ්‍ය පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ගාමිණි සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

Leave a Reply

Your email address will not be published.