ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම නුදුරේදීම

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මේ වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

“පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ වර්ෂය තුළ දී. දැනට ශ්‍රවණාබාධ තියෙන ලක්ෂ 6 – 8ත් අතර ලංකාවේ සිටින බව වාර්තා වෙනවා. ඒ අයට විශේෂ සලකුණු ක්‍රමයක් යටතේ රියදරු බලපත්‍ර ලබාදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. එය රට පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනයේ සිට අංක තහඩුවල පළාත් අක්ෂරය ඉවත් කිරීම, පැවරීමේ පෝරමයේ පිටු ගණන අඩුවීම, රියදුරු අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වීම, පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආදි වෙනස්කම් ක්‍රියාත්මක වන බව ජනතාවට දැනුම්දෙනවා.”

එම මාධ්‍ය හමුවට එක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ, රථ වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.