අයි.එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු කාතන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට

අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට කාතන්කුඩි ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

කාතන්කුඩි එම්.පී.සී.එස්. වීදියේ අහමඩ් නුස්කි නමැති පුද්ගලයා අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත

හමුදා බුද්ධි අංශයේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඊයේ (02) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු පොලිසියට භාර දී ඇත

මේ වන විට සැකකරු ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේ සිදුවු ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) විසින් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබූ සනොබාර් අලි සහ තවත් පුද්ගලයෙකු සමඟ අහමඩ් නුස්කි සම්බන්ධතා පැවැත්වූ බව අනාවරණය වී තිබේ.

තවද, ඔහු සහ සහරාන් කණ්ඩායම සමගද සබඳතා පැවැත්වු බවටත් සැක කෙරේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ බුද්ධි තොරතුරු රැස්කිරීම් හා නිරීක්ෂණ සහ මත පදනම්ව ලබාගත් සාක්ෂි මත අහමඩ් නුස්කි අත්අඩංගුවට ගැනීමට හමුදා බුද්ධි අංශය පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.