මලිත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි සිසුවෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම සිසුවා සිය කාමරය තුළ සිහිසුන්ව වැටී සිටියදී හෝමාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ දියගම තාක්ෂණ ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25 ක් වයස කටුගම්පලගේ මලිත් යශෝධ නමැති සිසුවෙකි.

කටුපොත, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) පැවැත්වීමට නියමිත බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.