පළමු තරගයේ ජය ඉන්දියාව ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කර තිබුණේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළේය.

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණි.

තරගය පැවැත්වුණේ මුම්බායි වංකඩේ ක්‍රිඩාංගණයේදීය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.