මෝටර් රථ මිල ගැන අලුත්ම ආරංචිය මෙන්න

කොරෝනා වසංගතය හේතුවෙන් නිෂ්පාදනය අඩුවූ මෝටර් රථ ක්ෂේත්‍රය 2023 වසරේදී ද යථා තත්ත්වයට පත්වීමේ අවස්ථාව අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෝටර් රථ සඳහා හොඳ මිලක් ලබාගැනීමට බොහෝ සමාගම්වලට හැකිවිණි.

එම සමාගම් පවසන්නේ මෙම වසර තුළදීද එම පවත්වා ගැනීම ඔවුන්ගේ අරමුණ බවය.

මේ අතර අදාළ විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ පසුගිය වසර අවසානය වනවිට භාවිත කරන ලද මෝටර් රථ මිලද සීඝ්‍රයෙන් පහළගොස් ඇති බවය.

එය ප්‍රතිශතයක් ලෙස වසර අවසානයේ සියයට 14ක් ලෙස සටහන් වූ බවද එම වාර්තා පවසයි.

මෝටර් රථ ලීසිං පහසුකම් මත ලබාගැනීමේදී ගෙවිය යුතු පොලී ප්‍රමාණයද ඉහළ ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවද එම වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published.