සොත්ති උපාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

මෙරට ප්‍රධාන පෙලේ සංවිධානත්මක අපරාධකරුවෙකු වී සිටි “සොත්ති උපාලිගේ” පළමු බිරිඳගේ පුත්‍රයා වන සජිත් රන්දික නමැත්තා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ .

අදාළ සැකකරු ඊයේ (04) බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සන්තකයේ තිබී කඩු හා කිනිසි 4ක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර 

මෙම සැකකරු කැපුම් සිද්ධීන් කිහිපයකටද සම්බන්ධ පුද්ගලයෙකු බව තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.